පූජා නිර්මාතෘ ගරු සභාපතිතුමාගේ පණිවුඩය

අද වන විට සංඝරත්නය අඩුවෙමින් දුෂ්කර ගම්මානවල වෙහෙර විහාර පාලු වී ගොස් ඇති සෙයක් දක්නට ලැබේ.

මා ලත් සත්‍ය අත්දැකීම් අනුව අනුරාධපුර නගරයේ සිට කි.මි.20කට දුරින් පිහිටි බොහෝ සිද්ධස්ථාන පාළු වී ‍ඇති අතර, තැනින් තැන වැඩ සිටින ස්වාමීන් වහන්සේලා, සිවුරු පිරිකර, ඇඳ, පුටුව පවා අහිමි ව ඉතා අසරණ තත්ත්වයකට පත් ව ඇත.එබැවින් සිංහල බෞද්ධ ජනතාව දැනුවත් කරමින් ගිලිහී යන සංඝරත්නයට පුනර්ජීවයක් ලබා දෙනුවස් මෙවන් පදනමක් බිහි කිරීම කාලෝචිත බව මම තේරුම් ගතිමි.මෙවැනි පදනමක් බිහි කිරීමට මා පොළඹවනු ලැබුවේ ඒ පසුබිම යි.

අප පදනමෙන් කිසියම් පූජා නගරයක් තෝරා‍ගෙන එම ස්ථානයේ ද අඩුපාඩු සපුරා ඒ අවට විහාරාරාම 49ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් උදෙසා විහාරයේ පැවැත්මට උපකාර කිරීම මූලික පරමාර්ථය වෙයි.

ආමිෂ හා ප්‍රතිපත්ති වශයෙන් පූජා ප්‍රභේද දෙකකි.
ආමිෂය ගරු නොකරන්නා ප්‍රතිපත්තිය ද ගරු නොකරයි.

''දානය'' පාරමිතා අතුරින් අග්‍ර තැන ලබන හෙයින් හරි පූජා පැවැත්වීමෙන් අපට ලෞකික හා ලෝකෝත්තර සුවය ලඟා කරගත හැක.

හැමදෙනාටම,
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා!
සර්වදේව මණ්ඩලයේ ආරක්ෂාව සැලසේවා!
යහපත් ‍චේතනා සමෘදිමත් වේවා!

මා,
පූජා නිර්මාතෘ
සභාපති
වීරවංශ පතිරණ